FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කර ගැනේ.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව කැෆේ සංවිධානය විසින් ගොනුකර තිබූ රීට් පෙත්සමක් ඊයේ (14) දිනයේ දී අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගෙන තිබේ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට ප්‍රකාශ කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනුකර තිබුණි.

ඊයේ එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විජිත මලල්ගොඩ මහතා හමුවේ කැඳවු අවස්ථවේ දි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියාසිටියේ වගඋත්තරකාර අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට එම ධූරයේ කටයුතු නොකරන බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ පෙත්සම ඉවත් කරගැනීමට අවසර දෙමින් පෙත්සම නිෂ්ප්‍රභා කළේය.