FAST NEWS

24×7 Around the Globe

විගණන නිලධාරීහු පාර්ලිමේන්තු රවුමේදී විරෝධය පෑමට සැරසෙති

විගණන පනත වහාම සම්මත කරන ලෙස ඉල්ලා විගණන නිලධාරීන් විසින් පාර්ලිමේන්තු වටරවුමේදී අද දහවල් (14දා) විරෝධතා ව්‍යාපාරයක්පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට සිවිල් සංවිධාන රාශියක් සහභාගි වීමට නියමිත අතර, එහිදී මෙම සියලුම දෙනා විසින් ජාතික විගණන පනත සංශෝධනය නොකර කඩිනමින් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයට බල කිරීමට නියමිතය.