FAST NEWS

24×7 Around the Globe

පාලන මිලට යටත් භාණ්ඩ සුපිරි වෙළෙඳසල් වලින් හා ලක් සතොසින්.

පාලන මිලට යටත් කෙරෙන අත්‍යවශ්‍ය පාරිභෝගි ද්‍රව්‍ය පහළොව සුපිරි වෙළෙඳසල් හා ලක් සතොස හරහා පාරිභෝගික ජනතාවට බෙදා හරින බව මුදල් රාජ්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ලබන වසරේදී එය තවත් පුළුල් කරමින් නව ලක් සතොස ආයතන 600ක් හා නියෝජිත ආයතන 1000ක් මගින් මෙම භාණ්ඩ රට පුරා බෙදාහරින බවද ඒ මහතා පැවැසීය.

එසේම තවත් උප ආයතන 2000ක් ලියාපදිංචි කර එම වෙළෙඳ ආයතන මගින් ද අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදාහරින බව ඒ මහතා පැවැසීය.

පාලන මිලට යටත් කළ භාණ්ඩ ජනතාව වෙත බෙදා හරින යාන්ත්‍රණයක් සකස් කරන්නේ හිඟයකින් තොරව තරගකාරීත්වයකින් රට පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම ආයතන හරහා නියමිත මිලට භාණ්ඩ විකුණන්නේ දැයි පරීක්ෂා කිරීමට පාරිභෝගික අධිකාරිය යටතේ ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසවලට නිලධාරීන් 10,000ක් අනුයුක්ත කරන බවද ඒ මහතා කීවේය.

මේ සඳහා නව බඳවා ගැනීම් කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර රට පුරා ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලවල සිටින උපාධිධාරීන්ගේ සේවය ලබා ගත හැකි බව ද ඒ මහතා අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරන දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.