FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ මිල පාලනය හිඟන්නන්ගේ මූණේ පවුඩර් ගෑමක් වැනියි.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හිඟන්නන්ගේ මූණේ පවුඩර් ගෑමක් බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(13)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැට් බදු සංශෝධනයෙන් ජනතාව පිට බදු බර පැටවීම තාවකාලිකව ආපස්සට ගනිමින් භාණ්ඩ කිහිපයක හෝ බඩු මිල අඩුකිරීමට සිදුවූයේ ඒකාබද්ධ විපක්ෂය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම නිසා බව හෙතෙම කියා සිටියේය.

භාණ්ඩ කිහිපයක පමණක් මිල අඩුකිරීමෙන් හෝ පාලන මිලක් දැමීමෙන් පමණක් මේ ගැටළුවට විසඳුම් නොලැබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පරාජය කිරීමට සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් කටයුතු කළ යුතු බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.