FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් මුසම්මිල් යළි රිමාන්ඩ් කෙරේ.

පොදු දේපළ පනත යටතේ ජනපති කාර්යාලයේ වාහනයක් අවභාවිතා කිරීමේ සිද්ධියකට සැකපිට රිමාන්ඩ් ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 27 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කර තිබූ ලිඛිත ඇප ඉල්ලුම්පත්‍රය අද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ සිටින බැවින් කඩිනමින් විමර්ශන සිදුකර අවසන් කරන ලෙස අධිකරණය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.