FAST NEWS

24×7 Around the Globe

ආදරණීය කතාවක් චිත්‍රපටය වාරණය නොකෙරේ.

දුම්කොළ හා මද්‍යසාර ප්‍රවර්ධනය වන අයුරින් දර්ශන ඇතුළත් ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස දුම්කොළ හා මධ්‍යසාර අධිකාරිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළේය.

දුම්කොළ හා මද්‍යසාර අධිකාරි පනත යටතේ හෝ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ වාරණ නියෝගයක් නිකුත් කිරීමට විධි විධාන නොමැති බවද අධිකරණය පෙන්වා දුන්නේය.

චිත්‍රපට අධ්‍යක්ෂක හා නිෂ්පාදක, ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක, රැඟුම් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂක යන 4 දෙනාට මෙම චිත්‍රපටයේ සී.ඩී තැටියක් නාරාහේන්පිට පොලිසියට ලබා දෙන ලෙස කළ නියෝගයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණූ දැක්වීමට ඔවුන්ට නොතීසිද නිකුත් කළේය.