FAST NEWS

24×7 Around the Globe

අනුර සේනානායකගෙන් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක්.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය  සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කොළඹ මහාධිකරණයට අද (12) ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ නීතිපතිවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම නීතියට පටහැනි බව පෙත්සම්කරු එමගින් පවසා ඇත.

එමෙන්ම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා  තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින්  දුන් නියෝගය ද නීතියට පටහැනි බව අනුර සේනානායක මහතා අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එම නිසා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය අවලංගු කොට තමන්ට ඇප ලබාදෙන මෙන් ඔහු කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා ඇත.