FAST NEWS

24×7 Around the Globe

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් 25ක් ගලවයි.

තමාට ලබා දී තිබූ හමුදා ආරක්ෂකයින් වෙනුවට අද(12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් අනුයුක්ත කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතාගේ ආරක්ෂාව සඳහා රජය මගින් හමුදා ආරක්ෂක භටයින් 50 දෙනෙකු යොදවා තිබුණි.

ඉන් 25 දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් 25 දෙනෙකු අනුයුක්ත කර ඇති බව ඒ මහතා මාධය වෙත පැවසීය.