FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයින් තෝරා ගැනීම ඇරඹේ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (12) දින සිට ආරම්භ වීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ මේ වනවිටත් ඒ සඳහා අයදුම්පත් 9,000කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවත් එම අපේක්ෂකයින් කොට්ඨාශ පදනම යටතේ තෝරාගන්නා බවත්ය.ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා  පැවැසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ සෑම කොට්ඨාශයකින්ම ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවත් ඒ ඒ කොට්ඨාශවල දැනට සිටින මන්ත්‍රීවරයාට ප්‍රමුඛතාවය ලබා දෙන බවත්ය.