FAST NEWS

24×7 Around the Globe

චෝදනාවලින් නිදහස් කරන තුරු රජයේ කිසිම නිලයක් භාර ගන්නේ නෑ.

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව එල්ල කර ඇති චෝදනාවලින් නිදහස් කරන තුරු රජයේ කිසිම නිලයක් භාර නොගන්නා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සඳහන් කරයි.

තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වන විට කෝප් කමිටුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරන මහේන්ද්‍ර මහතා එහි අවසන් තීරණය ලැබෙන තෙක් බලා සිටින බව ද සඳහන් කරයි.
මහ බැංකුව නිකුත් කළ බැඳුම්කර සිද්ධියට අදාළව පත් කළ කමිටුවෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වන විට තමන් නිදහස් කර ඇතැයි සඳහන් කරන මහේන්ද්‍රන් මහතා කෝප් කමිටු චෝදනාවෙන් නිදහස් වීම මගින් ජාත්‍යන්තර මුල්‍ය ක්ෂේත්‍ර‍යේ තමා පිළිබඳ ඇති ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනිමට බෙහෙවින් පිටුවහලක් වන බවද සඳහන් කරයි.