FAST NEWS

24×7 Around the Globe

මාර්ග අංක 143 හා 148 බස් වර්ජනයේ.

මාර්ග අංක 143 හංවැල්ල – පිටකොටුව සහ මාර්ග අංක 148, ලබුගම – පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් අද (11) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇත.

කඩුවෙල – පිටකොටුව බස් රථ සේවකයෙකු හංවැල්ල – පිටකොටුව බස් රථ සේවකයෙකුට ඊයේ (10) සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.

පහරකෑමෙන් තුවාල ලැබූ හංවැල්ල – පිටකොටුව බස් රථ  සේවකයා අවිස්සාවේල්ල රෝහල් ගතව සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති බව ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.