FAST NEWS

24×7 Around the Globe

වැට් බදු සංශෝධනය අත්හිටුවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (11) නියෝගයක් නිකුත් කර තිබේ.

වැට් බදු හා ජාතිය ගොඩ නැගීමේ බදු  වැඩිකිරීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශ්ව පහක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කරනු ලැබීය.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණින.

පෙත්සම විභාග කර අවසන් වන තෙක් වැට් බදු වැඩි කිරිම අත්හිටුවන ලෙසත්, වැට් බදු වැඩිකිරීම පාර්ලිමෙන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.