FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහි විරෝධතා රැළියක් කොළඹ හයිඩ් පිටියේදි.

ජීවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පරදවමු යන තේමාව මුල්කරගනිමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් පවත්වන විරෝධතා රැළිය හෙට (ජූලි 12) ප.ව. 3.30 ට කොළඹ හයිඩි පිටියේදී පැවැත්වීමට නියමීතය.

මෙම විරෝධතා රැළියේදි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සිරිතුංග ජයසූරිය, සමීර පෙරේරා,  පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක,  හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිත, මහාචාර්ය ක‍්‍රිෂාන්ත අබේසේන, නීතීඥ ජේ.එම්. විජේබණ්ඩාර ඇතුළු කලාකරුවන්, විද්වතුන්, වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය සංගම් නායකයින්, දේශපාලන පක්‍ෂ නායකයින් ඇමතීමට නියමිතය.