FAST NEWS

24×7 Around the Globe

කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති අත්අඩංගුවට ගැනේ.

කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වන වසන්ත රංජිත් ජයසුන්දර මහතාව බොරැල්ල පොලිසිය මඟින් අත්ඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ පසුගියදා එම විද්‍යාලයේම ගුරුවර‍යෙකු වූ සුසන්ත හේරත් මහතාට පාසලේ සිසුන් පිරිසක් ලවා සැලසුම් සහගතව පහරදීමක් සිදුකිරීම හේතුවෙන් ඔහුව මෙසේ අත්ඩංගුවට ගෙන ඇති බව පැවසේ.

මෙම විදුහල්පතිවරයාට විරුද්ධව අල්ලස් හා දුෂණ ‍කොමිසමට පැමිණිලි සිදු කිරීම මෙම ගැටුමට මුලිකවී ඇති බවද වැඩි දුරටත් සඳහන් වේ.