FAST NEWS

24×7 Around the Globe

අනුර සේනානායක වෙනුවෙන් ඇප පෙත්සමක් මහාධිකරණයට.

වසීම් තාජුඩීන් ඝාතනය සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඒ මහතාගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණය වෙත විශේෂ ඇප පෙත්සමක් අද (11දා) ඉදිරිපත් කිරීමට නියමිතය.

තාජුඩීන් ඝාතනයට අදාළව කුමන්ත්‍රණය කිරීම, තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකකාර අනුර සේනානායක මහතා රහස් පොලිසිය විසින් ඉකුත් ජුනි 23 වැනිදා අත්අඩංගුවට ගනු ලැබිණි.

සැකකරු ලබන 20 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉකුත් 7 වැනිදා නියෝග කළේය.

ඒ අනුව සැකකාර අනුර සේනානායක මහතා වෙනුවෙන් ඇප පෙත්සමක් අද මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.