FAST NEWS

24×7 Around the Globe

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධි විධාන ඉහළට.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධි විධාන ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

පවතින ආරක්ෂිත තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ගුවන් තොටුපළේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් සංඛ්‍යාව මීට දින කිහිපයකට පෙර සිට වැඩි කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.