FAST NEWS

24×7 Around the Globe

ඩීසල් බද්ද ඉහළ දැමේ.

ආනයනික ඩීසල් ලීටරයක් මත පනවා තිබූ බද්ද රුපියල් 6කින් ඉහළ දමා ඇති බව ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

කෙසේ වෙතත් බදු ඉහළ දැමීම  හේතුවෙන් ඩීසල් මිල වැඩි නොකරන බවද ඔහු අවධාරණය කළේය.

ලංකා IOC සමාගමට ද සාමාන්‍ය ඩීසල් මිල ඉහළ දැමීමට අවස්ථාවක් නොලැබෙන බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, අයි. ඕ.සී. සමාගම නිපදවන සුපිරි ඩීසල් මිල පමණක් මේ හේතුවෙන් රුපියල් දෙකකින් පමණ ඉහළ දැමීමට අවසර හිමි වන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.