FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී. ප්ලස් බදු කොන්දෙසි අඩු කෙරේ.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි.

ඒ අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලැබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළත ස්ථිර වශයෙන්ම ප‍්‍රකාශ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ යුරෝපා සංගමය සෑහීමකට පත්ව ඇති බැවින් මෙලෙස කොන්දේසි අඩු කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

ශ්‍රී ලංකාව ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා ගැනීමට පසුගියදා නිල වශයෙන් අයදුම් කළේය.