FAST NEWS

24×7 Around the Globe

රජයේ ඖෂධ සංයෝජකයින්ගේ වර්ජනයක්.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට රජයේ ඖෂධ සංයෝජක නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්.එස් බණ්ඩාර මහතා පවසන්නේ ලබන 13 සහ 14 යන දෙදින තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

දැනට සෞඛ්‍ය සේවයේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඇතුළු අනෙකුත් සේවාවන්ට ගෙවනු ලබන මාසික රාජකාරි දීමනාව ලබා නොදීම, අතිකාල දීමනා ලබා දෙන ක්‍රමවේදයේ පවතින ගැටළු, අනතුරු දීමනාව නොගෙවීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්ය.