FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බස්‌ ගාස්‌තුව සියයට 06-07 කින් නගී !

පෞද්ගලික බස්‌ ගාස්‌තුව සියයට 06-07 ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇතැයි එම බස්‌ සංගම් ප්‍රකාශකයකු පැවසීය.

බොහෝදුරට මෙම වැඩිවීම පිළිබඳව මේ සතියේදී බස්‌ සංගම් වෙත ප්‍රකාශ කෙරෙන අතර අනතුරුව එය ලබන මස (අගෝස්‌තු) පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි පැවසේ.

පෞද්ගලික බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ අවසන් වරට සිදුවූයේ 2013 වසරේදීය. ඒ 20% කිනි. පසුව වත්මන් රජය බලයට පත් වූ පසුව පසුගිය වසරේදී (2015) බස්‌ ගාස්‌තුව 08% කින් අඩු කෙරිණි.

මෙවර බස්‌ ගාස්‌තුව ඉහළ නැංවීම සම්බන්ධව ප්‍රවාහන ඇමැතිවරයා සමඟ හෙට (11 දා) බස්‌ සංගම් විශේෂ සාකච්ඡාවකද නිරත වීමට නියමිතය.

බස්‌ ගාස්‌තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ සතියේ පැවැත්වෙන කැබිනට්‌ රැස්‌වීමේදී ද සාකච්ඡා කිරීමට නියමිතව ඇත.