FAST NEWS

24×7 Around the Globe

කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් දුම්රිය – ලංගම ඒකාබද්ධ සේවාවක්.

රුහුණු කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය වෙනුවෙන් දුම්රිය – ලංගම ඒකාබද්ධ විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙල හා මාතර සිට එම සේවාව ක්‍රියාත්මක වන බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේය.

මේ යටතේ බණ්ඩාරවෙල සහ මාතර දක්වා දුම්රියෙන් ගොස් එතැන් සිට ලංගම බස් ඔස්සේ මගීන්ට කතරගම දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

මෙම සේවාව ලබන 22 වන දා දක්වා ක්‍රියාත්මක බව විජය මාරසිංහ මහතා සඳහන් කළේ ය. ්