FAST NEWS

24×7 Around the Globe

නව මහ බැංකු අධිපති ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව.

නව මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව වෙත යළි පැමිණෙන ලෙස දින නියම වී තිබේ.

එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ලබන 12 වැනිදා එම නිළධාරීන් පිරිස කෝප් කමිටුව වෙත කැඳවීමට තීරණය කර ඇති බවයි.

මෙම කැඳවීම පරීක්ෂණ කටයුතු සිදුකිරීමේ අරමුණකින් සිදුකෙරෙන්නක් නොවන බව සඳහන් කළ හඳුන්හෙත්ති මහතා කියාසිටියේ මෙහි ප්‍රධාන අරමුණ මහ බැංකුවේ දැනට පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම බවයි.

ඒ අනුව ගැටළු පවතින්නේ නම් ඒ පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කළ හැකි බවත් ඊට අදාළ විසඳුම් ලබාදීමට කෝප් කමිටුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මීට අමතරව ඉදිරි සතිය ඇතුළත දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ පාපන්දු සම්මේලනයේ නිලධාරීන් ද කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.