FAST NEWS

24×7 Around the Globe

වැට්‌ බදු ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්.

වැට්‌ බදු ඉහළ දැමීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මෙම 20 වැනිදා සිදුකරන බව සභානායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පත මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම පනත් කෙටුම්පත හැකි ඉක්‌මනින් විවාදයට ගත යුතු බව ද එනිසා විවාද කරන්නේ කවදාදැයි ප්‍රකාශ කරන ලෙස ද සභානායකවරයාගෙන් මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඉල්ලා සිටියේය.

මේ අවස්‌ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ පනත් කෙටුම්පත සම්බන්ධව අධිකරණය හමුවට පෙත්සම් ඉදිරිපත් වන බවක්‌ දැන ගැනීමට ලැබුණ බවත් එසේ නොවුණහොත් 20 වැනිදා එය විවාදයට ගන්නා බවත්ය.

පක්‍ෂ නායකයන්ගේ එකඟතාවය මත මෙම පනත් කෙටුම්පත 20 වැනිදා විවාද කිරීමට මේ වන විට තීරණය කර ඇති බව සභානායකවරයා කීවේය.