FAST NEWS

24×7 Around the Globe

දුම්රිය හරස් මාර්ග අනියම් ගෙට්ටුකරුවන්ගේ වැටුප ඉහළට.

දුම්රිය හරස් මාර්ග ගෙට්ටු අනියම් ක‍්‍රියාකරුවන්ගේ වැටුප් ගැන අද (08) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.

එහිදී දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර සිටියේය.

එහිදි දුම්රිය ගේට්ටු අනියම් ක‍්‍රියාකරුවන්ගේ වැටුප රුපියල් 12,000ක් දක්වා වැඩිකිරීමට යෝජනා කරන බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.