FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු නායක කිම්ට සම්බාධක පැනවෙයි.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හට පළමුවතාවට ඇමෙරිකාව සම්බාධක පනවා තිබේ.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම සම්බාධක පනවා ඇති අතර ඇමෙරිකානු භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරු කොරියාවේ සිදුවන මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම්වලට කිම් ජොන්ග් අන් සෘජුවම වගකිවයුතු බවය.

උතුරු කොරියාවේ තවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අටදෙනකුද මෙහිදී නම් කොට තිබිණි.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව තවමත් පිළිතුරු දී නැත.

මෙම සම්බාධකවලට අනුව නායකයා හා සෙසු පිරිසගේ දේපළ ඇමෙරිකාවේ ඇති නම් ඒවා රජය වෙත පවරාගන්නා අතර ඇමෙරිකානුවන්ට ඔවුන් සමග ගනුදෙනු කිරීම තහනම් කරනු ලබයි.

උතුරු කොරියාව ගෙනයන න්‍යෂ්ටික වැඩපිළිවෙළ නිසා දැනටම එරටට සම්බාධක පැනවී ඇති අතර මෙම ආසන්නතම පියවර තුළින් එරට ජාත්‍යන්තරය තුළ හුදකලා වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.