FAST NEWS

24×7 Around the Globe

සබරගමුව සරසවිය ලබන 20 වැනිදා තෙක් වසා දැමේ.

මේ දිනවල පැතිරෙමින් පවතින උණරෝගයක් හේතුවෙන් සබරගමුව සරසවිය ලබන 20 වැනිදා තෙක් වසා දැමීමට පියවරගත් බව විශ්වවිද්‍යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගියදා කෘෂිවිද්‍යා පීඨයේ පළමු හා දෙවන වසරට නිවාඩු ලබාදී තිබූ අතර ඉකුත් බදාදා වන විට කෘෂි විද්‍යාපීඨයේ සියලුම සිසුන් සඳහා විශ්වවිද්‍යාලය වසාතැබීමට පාලන අධිකාරිය පියවරගෙන තිබුණි.

කෘෂිවිද්‍යා පීඨයට නැවත අධ්‍යන කටයුතු 11 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණ ද සියළුම පීඨයන්ට 08 වැනිදා සිට විවේක නිවාඩු ලබාදී ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට 08 වැනිදා සිට ලබන 20 වැනිදා දක්වා අධ්‍යන කටයුතු සිදුනො කෙරෙන අතර සියළුම විශ්වවිද්‍යාල සිසුන් 09 වැනිදා පස්වරු 06 ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත්විය යුතු බවට නිවේදනය කර සිටියි.