FAST NEWS

24×7 Around the Globe

ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර මුදල් වත්මන් රජය යටතේ නිසියාකාරව ආයෝජනය වන අයුරු දක්නට ලැබෙන බැවින් ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩවම සහය දක්වීමට සූදානම් බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිසක් අද (08) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කර තිබේ.