ඇමෙරිකාවේ, ඩලාස් නුවර පැවති කළු ජාතික විරෝධතාවක් අතරතුර සිදු වූ ස්නයිපර් ප්‍රහාරයකින් පොලීසියේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරීන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.
මින්නෙසෝටා සහ ලුසියානා යන ප්‍රාන්තවලදී කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කරගෙන ඇමෙරිකාව පුරා වර්ණභේදවාදී ගැටුම් උත්සන්න වී ඇති අතර, බොහෝ ප්‍රාන්තවල කළු ජාතිකයෝ විරෝධතාවන්හි නිතර වන බව පැවසේ.
ඩලාස් පොලිස් ප්‍රධානියාට අනුව ස්නයිපර් වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ශල්‍යකර්මවලට බඳුන්වන බවත්, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් කියයි.
ප්‍රහාරය එල්ල කරන ලද වෙඩික්කරුවන් සොයා දැඩි සෝදිසි මෙහෙයුමක් අරඹා තිබුණත්, මෙතෙක් කිසිවෙකුවත් අත්අඩංගුවට ගෙන නොතිබුණි.
මේ අතර, ඩලාස් හි සංක්‍රමණ පොලිස් නිලධාරීන් පිරිසකටද ප්‍රහාරයක් එල්ල වූ බවට තොරතුරු වාර්තා වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.