FAST NEWS

24×7 Around the Globe

යුද අපරාධ චෝදනා ගැන සාක්ෂි දිමට හිටපු කොටි ක්‍රියාකාරීන් 70ක්.

යුද අපරාධ චෝදනා ගැන පරීක්‍ෂණ පවත්වන යෝජිත විශේෂ අධිකරණය හමුවේ සාක්‌කි දීමට 70 ක්‌ ඉදිපත් වී ඇතැයි හිටපු කොටි ක්‍රියාකාරීන් අනාවරණය වී ඇත.

එහෙත් මොවුන්ට සිය අනන්‍යතාව වසන් කර සාක්‍ෂි දිය හැකිද යන බරපතල ප්‍රශ්නය මතුවී තිබේ.

විදේශ රටවල සිට වීඩියෝ තාක්‍ෂණය ඔස්‌සේ මෙම පිරිස සාක්‍ෂි දෙන බව එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌ටින් සුකා ප්‍රකාශ කර ඇත.

මෙම සාක්‍ෂිකරුවන් සියලු දෙනාම මෙරටින් පැනගොස්‌ දේශපාලන රැකවරණ ලැබූවෝ වෙති.

මේ අතර එකී සාක්‍ෂිකරුවන්ගේ නම් හෙළි නොකරන බව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.