FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලයක් පත් කෙරේ.

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලය අද (07) පත් කරන බව එහි නියෝජ්‍ය සභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීම අද පැවැත්වෙන අතර එහිදී මෙම ඡායා ඇමැති ධූර පත් කරන බවද මන්ත්‍රීවරයා පැවසී ය.

ඉදිරි රජයකදී ඒ ඒ විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන වගකීම් පැවැරීමත්, ඊට අදාලව වෘත්තීය සමිති සංවිධාන කිරීමේ බලතල ලබාදීමත් මෙම ඡායා කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අරමුණ බවද රංජිත් සොයිසා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.