FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජේ. දඩල්ලගේ මහතාට මාරුවක්.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජේ. දඩල්ලගේ මහතා පෙරේදා (05) සිට එම තනතුරෙන් ඉවත් කර තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට මාරු කර තිබේ.  තමන්ට අදාළ විෂයපථයෙන් පරිබාහිර විෂය පථයකට මාරුවීමට නොහැකි බව සඳහන් කරමින් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශ ‍ලේකම් ධුරය ප්‍රතික්ෂේප කර දඩල්ලගේ මහතා ඊයේ (06) ජනාධිපති ‍ලේකම් කාර්යාලයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.“මට දීලා තියෙන්නේ මට අදාළ නැති විෂයයක්. මේ ගැන මම කනගාටු වෙනවා. මම කැමැති තවදුරටත් මේ අමාත්‍යාංශයේම සේවය කරන්නයි. ඒ නිසා මම මේ අභියාචනය ලබා දුන්නා.” යැයි දඩල්ලගේ මහතා  සඳහන් කළේය.

ජනාධිපති ‍ලේකම් කාර්යාලය සිය අභියාචනය පිළිබඳව සලකා බලනු ඇති බවද හෙතෙම විශ්වාසය පළ කළේය.