FAST NEWS

24×7 Around the Globe

මාලබේ සයිටම් වසන්න පත්‍රිකා දස ලක්‍ෂයක්‌ රට පුරා බෙදයි.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස රජයට බල කර සිටීමේ අරමුණින් පත්‍රිකා දස ලක්‍ෂයක්‌ රට පුරා බෙදා හැරීමට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්‌ථානය තීරණය කර තිබේ.

මේ යටතේ අදාළ පත්‍රිකා බෙදා හැරීම අද (07 දා) සවස 4.00 ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ඇරැඹීමට නියමිතය.

රටේ අනාගත පරපුරට තම කුසලතාව මත වෛද්‍ය වෘත්තියට පිවිසීමට ඇති අයිතිය ආරක්‍ෂා කිරීම හා සුදුසුකම් නොමැති වෛද්‍ය උපාධිධාරීන් බිහිවීම වැළැක්‌වීම යන කරුණු මුල්කර ගෙන මෙම විරෝධතාව පැවැත්වෙන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්‌ථානය පවසයි.