FAST NEWS

24×7 Around the Globe

තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ දහයකට රජය මගින් සහනාධාර

තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ දහයකට රජය මගින් සහනාධාර ලබා දී ජනතාවට හදිසි සහන සැලසීමට රජය තීරණය කර ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

සහනාධාර ලබා දෙන භාණ්‌ඩ වර්ග දහය පිළිබඳව ඉදිරි දින හතර ඇතුළත අවසන් තීරණයක්‌ ගෙන ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කරන බව ද හෙතෙම ඊයේ (06 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.ඉකුත් මාස කිහිපය තුළ වෙළෙඳපොළෙහි භාණ්‌ඩ මිල ගණන් අසීමිත හා කෘතිම ලෙස ඉහළ ගොස්‌ ඇති බවට පෙරේදා (5 දා) රැස්‌වූ ඇමැති මණ්‌ඩල

රැස්‌වීමේදී සාකච්ඡා වූ බවත්, භාණ්‌ඩ මිල වැඩිවීම පිළිබඳව සොයා බලා අඩු කිරීම සඳහා ක්‍ෂණිsක ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති, අගමැති, මුදල් ඇමැති, වෙළෙඳ ඇමැති ඇතුළු මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක්‌ පත් කළ බවත් කී ඇමැතිවරයා එම කමිටුව පෙරේදා දිනයේම රැස්‌වී සහනාධාර දීමේ පියවර පිළිබඳව ද තීරණ ගත් බවත් කියා සිටියේය.

මෙයට අමතරව පොලිස්‌ බල ප්‍රදේශ ආශ්‍රිතව පාරිභෝගික අධිකාරිය යටතේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහිතව කාර්ය සාධක බලකා පිහිටුවා භාණ්‌ඩ මිල අඩු කිරීමේ සහන ජනතාවට ලැබෙන්නේ දැයි සොයා බැලීමට ද එම කමිටුව තීරණය කළ බව හෙතෙම කීය. මේ සඳහා පොලිසියේ හා අනෙකුත් ආරක්‍ෂක අංශවල සහාය ලබා ගන්නා බව ද පැවසූ ඇමැතිවරයා අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ගණන් මාධ්‍ය මගින් සතියකට තෙවරක්‌ ප්‍රකාශයට පත් කරන බව ද කීය.