FAST NEWS

24×7 Around the Globe

වරාය නගර පළමු අදියරට පාරිසරික ඇගයීම් වාර්තාවක්.

 

කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා පාරිසරික අැගයීම් වාර්තාවක් ලබාගෙන ඇති අතර දෙවැනි අදියර සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද(15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය .

එම ව්‍යාපෘතිය අත්හිටුවන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනුකර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මේ බව අධිකරණයට දැන්වීය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි පෙත්සම කැදවිණි. වරාය අධිකාරිය ,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ නීතිපතිවරයා පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා රජයේ ස්ථාවරය වැඩිදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස දියකඩනය සිදුකර හෙක්ටයාර 200 ක ප්‍රමාණයක් පිරවීම