FAST NEWS

24×7 Around the Globe

රථ වාහන වැරදි සඳහා දඩ ගෙවීමේ කාල සීමාව වෙනස් කෙරේ !

රථ වාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

දඩ මුදල් ගෙවීම සඳහා දැනට ලබාදෙන කාලය දින 14ක්  වන අතර එය දින 30ක් දක්වා දීර්ඝ කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා කියා සිටියේය.

එසේම රථවාහන තදබදය අවම කිරීම සඳහා බත්තරමුල්ලේ සිට පිටකොටුව දක්වා බස් ධාවනයට වෙනම මංතීරුවක් වෙන්කිරීමට ද තීරණය කර ඇති බව ඔහු පැවසීය.