FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 18ක සීමා නිර්ණය ගැටළු යළි විමර්ශනය කර අවසන්.

දිස්ත්‍රික්ක 18ක සීමා නිර්ණය ගැටළු යළි විමර්ශනය කර අවසන් බව සීමා නිර්ණය නැවත විමර්ශනය කිරීමේ කමිටුව සඳහන් කර සිටියි.

මාතලේ, නුවරඑළිය සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 5ක සීමා නිර්ණය ගැටළු විමර්ශනය කිරීමේ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බවයිද එම කමීටුව පවසයි.

කෙසේවෙතත් කඩිනමින් එම දිස්ත්‍රික්කවල සීමා නිර්ණය ගැටළු නැවත විමසා බැලීම සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව එම කමීටුව වැඩි දුරටත් පැවසීය.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් දැනට ගැසට් කර ඇති මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණයන්හි ගැටළු පිළිබඳ සොයාබැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

එහි වාර්තාව ලබන අගෝස්තු මාසයේ දී අමාත්‍යවරයා වෙත භාරදෙන ලෙස උපදෙස් ලැබිණි.