ලොව මෙතෙක් ඉදිකරන ලද විශාලතම හෝටලය සෞදි අරාබියේ මක්කමදී වසර 2017දී විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
අබ්රාජ් කුදායි හෝටලයේ කාමර 10,000 සහ ආපන ශාලා 70ක් වන අතර එහි හෙලිකොප්ටර් දියත් කළ හැකි ස්ථාන 4ක් වේ.
බලකොටුවක ස්වරූපයෙන් නිර්මාණය වන ඒ සඳහා සිදු කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් 3.6කි.
තට්ටු 45කින් සමන්විත වන එහි තට්ටු 5ක් සෞදියේ රාජකීය පවුලේ භාවිතයට පමණක් වෙන් කර තිබේ.
සෞදි ආරාබියේ මුදල් අමාත්යංශය විසින් ඉදිකරන එය සැලැසුම් කර ඇත්තේ දා අල් හන්දාසා සමාගම විසිනි.





