FAST NEWS

24×7 Around the Globe

පාවෙන අවි ගබඩාවේ කපිතාන් යළි රිමාන්ඩ් කෙරේ.

ඇවන්ගාඩ් සමාගමට අයත් ආයුධ ප්‍රවාහන නෞකාවේ යුක්‍රේන ජාතික කපිතාන්වරයා මෙම මස 18 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (5දා) නියෝග කළේය.

කපිතාන්වරයා  ජුනි මස 24 වැනිදි න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර නොමැතිව ගිණි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05 දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.