FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාග ප‍්‍රවේශපත‍්‍ර තැපෑලට.

උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අපෙක්ෂකයින්ගේ විභාග ප‍්‍රවේශපත‍්‍ර තැපෑලට යොමුකර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් ජයන්ත පුෂ්පකුමාර පවසයි.

විභාගය ලබන මස 02 වනදා ආරම්භ වී එය ලබන මස 27 වනදා අවසන් වෙයි.

මෙවර උස්ස පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 315,655ක් වන එ අතර පාසල් අපේක්ෂකයන් 240,991ක් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.