FAST NEWS

24×7 Around the Globe

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් යළි රිමාන්ඩ්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 08 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද(05) නියෝග කළේය.

කොස්මෝස් නම් ආයතනය මගින් රුපියල් කෝටි 61ක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට මෙම නඩුව පවරා ඇත.

සජින් වාස් මහතා ද කොස්මෝස් ගණකාධිකාරීවරයා ද රහස් පොලිසියට දුන් ප්‍රකාශ පරස්පර විරෝධී බව රහස් පොලිසියට අධිකරණයට දැන්වීය.

මෙම දෙදෙනාම එකවර කැඳවා ලබන 07 වැනිදා කටඋත්තර ගන්නැයිද මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලීසියට නියෝග කළේය.