FAST NEWS

24×7 Around the Globe

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛනයේ සංශෝධනයක්.

2017 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය මගින් ආදි ශිෂ්‍යයන්ට සම්මුඛ පරීක්ෂණ මණ්ඩල, අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත්වීම අවහිර කරමින් දක්වා තිබූ වගන්ති කිහිපයක් සංශෝධනය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සංයුතියේදී ආදි ශිෂ්‍ය ගණනය යටතේ සම්මුඛ පරීක්ෂණ කරන අවස්ථාවේදී පමණක් ආදි ශිෂ්‍ය නියෝජිතයෙකු පත් කිරීමට තිබූ අවස්ථාව වෙනුවට සියලූම ගණනයන් යටතේ දරුවන් තෝරා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා ආදි ශිෂ්‍ය නියෝජිතයෙකු පත් කිරීමට හැකි පරිදි එය සංශෝධනය කර ඇත.

එමෙන්ම අභියාචනා සහ විරෝධතා පරීක්ෂණ සිදුකරන අවස්ථාවන්හිදී ද ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෙකු ඊට සහභාගි වීමට අවස්ථාව හිමි වන පරිදි සංශෝධනයක් එක්කොට ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.