FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊ යේ හිටපු භාෂා පරිවර්තකවරයා මුදා හැරේ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ පන්චරත්නම් මූලික විමර්ශනවලින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ, සිදු කළ පරීක්‍ෂණවලදී ඔහු ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවන බවට අනාවරණය වීම හේතුවෙනි.

එමෙන්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති අද (04) අධිකරණයේදී අනාවරණය විය.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් වන නඩු විභාගය ලබන දෙසැම්බර් මාසයේ පස් වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

2009 වසරේ යුද සමය අතරතුර ඕමන්තේ ප්‍රදේශයේ දී ඔවුන් දෙදෙනා හමුදා අත්අඩංගුවට පත් විය.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරුණු අතර අනතුරුව ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණී.