FAST NEWS

24×7 Around the Globe

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගා අත්අඩංගුවට ?

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගා මහතා පදවන ලද මෝටර් රථයක් අනතුරට ලක්ව මන්ත‍්‍රී ආරක්‍ෂකයෙක් මිය යාමෙන් පසු එම රථය මන්ත‍්‍රී ආරක්‍ෂකයා පැදවූ බව සදහන් කරමින් ව්‍යාජ පොලිස් සටහන් තැබූ සහ එ සදහා උපදෙස් පොලිසියට ලබාදුන් ඉහළ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුටත් අනතුර වසන් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී රංගා මහතාත් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලබා ගැනීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වේ.

බැලූ බැල්මට එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇතත් එම සිදුවීමට වසර පහක පමණ කාලයක් ගතවී ඇති බැවින් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කෙරුණු බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළේය.

එම අනතුර 2011 වසරේ මාර්තු 30 වෙනිදා සවස සිදුව ඇති අතර එහිදී වාහනයේ සිටි පොලිස් සැරයන්වරයෙක් මරණයට පත්ව ඇති බවද පැවසේ.

එ අනුව මන්ත‍්‍රිවරයාගේ ආරක්‍ෂකයෙක් ලෙස කටයුතු කල පුෂ්පකුමාර (36759) නැමැති සැරයන්වරයා එසේ මරණයට පත්ව ඇත.

අනතුර සිදුවන විට මෝටර් රථය පදවා ඇත්තේ මිය ගිය සැරයන්වරයා නොවන බවත් වාහනය තාප්පයේ ගැටීමෙන් හානියට පත්වන්නේ වාහනයේ වම් පස බවත් රියදුරු අසුන පැත්ත හානිවී නැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇති බව පැවසේ.

වාහනය පැදවූයේ සැරයන්වරයා නම් ඔහුට කිසිදු හානියක් නොවන බවත් හානි සිදුවිය යුත්තේ වම්පස අසුනේ ගමන්කල බව කියන මන්ත‍්‍රිවරයා බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.