FAST NEWS

24×7 Around the Globe

සෞදි අරාබියේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ජිහාඩ් ප්‍රහාරයක්.

සෞදි අරාබියේ, ජෙඩාහ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ජිහාඩ් අන්තවාදියෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (04දා) අලුයම සෞදි අරාබියේ දෙවැනි විශාලතම නගරයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත මෝටර් රථයකින් පැමිණ ඇති ප්‍රහාරකයා, එහි ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී සිය මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන තිබේ.

මෙම පිපිරීමෙන් ප්‍රහාරකයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආරක්ෂක නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම පිපිරීමෙන් පැය කිහිපයකට පසුව එම ප්‍රදේශයේ තවත් පිපිරීම් තුනක් සිදුව ඇති අතර, මෙය එම ස්ථානයේ වූ බෝම්බ ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමක් ලෙසද වාර්තා වෙයි.