FAST NEWS

24×7 Around the Globe

එස්‌.ටී.එෆ්. අණදෙන නිලධාරියා ගැන වාර්තාව හෙට පොලිස්‌පතිට.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ප්‍රකාශයක්‌ කළැයි කියන පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පෙරේරා මහතා පිළිබඳව කරන ලද පොලිස්‌ පරීක්‍ෂණ සියල්ලම අවසන් වී ඇති අතර එම පරීක්‍ෂණ වාර්තා හෙට (05 දා) පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාට භාරදීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් හය දෙනකුගෙන් සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දස දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම පරීක්‍ෂණ වාර්තාව අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පෙරේරා මහතාට අවාසිසහගත බවද පොලිස්‌ ආරංචි මාර්ග කියයි.

මාධ්‍යවේදීන්ට කළ තර්ජනය ඇතුළත් රංජිත් පෙරේරා මහතාගේ හඬ පටය පිළිබඳවද පොලිස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායම අවධානය යොමුකර ඇති අතර මේ පිළිබඳව පොලිස්‌ කොමිසමද පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.