FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණය කිරීම ආණ්ඩුව විසින් සකසාගත් ව්‍යාජයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පවතින දුර්වලතා හේතුවෙන් පළාත් පාලන ඡන්දය කල් දමා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ එය ජනතාවගේ ඡන්ද අයිතිය සඳහා කෙරෙන අසාධාරණයක් බවයි.

සීමා නිර්ණය කිරීම, වත්මන් ආණ්ඩුව විසින් සකසාගත් එක්තරා ව්‍යාජ හේතුවක් බව හෙතෙම පවසයි.

සමස්ථ ලංකා පොදු ධීවර සංගමය විසින් මීගමුව ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ පෙත්සමක් සඳහා මහජන අත්සන් ලබාගැනීමේ අවස්ථාවට එක්වෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.