FAST NEWS

24×7 Around the Globe

මහබැංකු අධිපතිවරයා පත් කෙරේ.

අන්තර්ජාතික ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අදාල සියලු පාර්ශවයන්ගේ එකඟත්වයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රධානියා ලෙස පත් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටින්නේ

ශ‍්‍රී ලංකා මහබැංකුවේ නවඅධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේනමැතිතුමා තීරණයකර ඇති බවත් ජනාධිපතිතුමා සහ අගමැති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනු ලැබූ බවත් ලබන සඳුදා (04) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහබැංකු අධිපතිවරයා ලෙස පත් කෙරෙණු ඇති බවත්ය.