FAST NEWS

24×7 Around the Globe

රුසියානු ගුවන් යානයක් අතුරුදන් වෙයි.

රුසියානු ගිනි නිවන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

මෙම යානය අතුරුදන් වන අවස්ථාවේ එහි  පුද්ගලයන් 10 දෙනෙකු සිටි බවට රැසියානු බළධාරීන් සඳහන් කර ඇති බවද පැවසේ.

සයිබීරියාවේ ඇති වී තිබෙන ලැව් ගිනි තත්වය පාලනය කිරීම සඳහා සේවයේ යොදා තිබු ගුවන් යානයක් මෙසේ අතුරුදන් වී ඇති අතර රුසියානු හදිසි අවශ්‍යතා අමාත්‍යාංශයට මෙය අයත් බවද වාර්තා වේ.

අධික දුමාරය හේතුවෙන් ගුවන් යානයේ දර්ශන පථයට බාධා එල්ල වීමෙන් අනතුරකට ලක්වන්නට ඇති බවට රැසියා බලධාරීන් සැක පළ කරන බව විදෙස් මාධඨ වැඩි දුරටත් වාර්තා කර සිටියි.