FAST NEWS

24×7 Around the Globe

එම්.ජී.ධනුෂ්ක සිටි වේදිකාවට වෙඩි තැබු 03ක් අත්අඩංගුවට ගැනේ.

එම්.ජී.ධනුෂ්ක ගායන ශිල්පියා  සිටි වේදිකාවකට වෙඩි තැබූ බව කියන පාබල හමුදාවේ සෙබළෙක්, මැණික් ව්‍යාපාරිකයෙක් ඇතුළු තිදෙනෙක් අද (1) දෙල්කඳදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය ජූනි 11 වැනිදා කිඹුලාවල කමත ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයකදී බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දුගේ ගීත ගයන්නැයි ඔවුහු එම්.ජී.ධනුෂ්කගෙන් ඉල්ලා ඇතත් එම ගීත නොගයන ලෙස උසාවි නියෝගයක් ඇති බැවින් ඔහු ගීත ගායනා නොකළැයි කෝපයට පත්ව සංවිධායකයන්ට හා ගායකයාට බැන වදිමින් වේදිකාවට වෙඩි තබා ක ඇති බව කියති.

ඔවුන් සතුව තිබූ ගිනි අවියක් හා සුඛෝපභෝගී රියක්ද පොලිස් භාරයට ගෙන ඇත.