FAST NEWS

24×7 Around the Globe

ඇමති තෙවරප්පෙරුමට එරෙහිව විරෝධතාවයක්.

මතුගම අධ්‍යාපන කලාපයට අයත් මීගස්තැන්න මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් පහරදුන් බවට චෝදනා කරමින් සහ එය හෙළා දකිමින් ලංකා ගුරු සංගමය විසින් එම විද්‍යාලය ඉදිරිපිට දී අද (01) දින උද්ඝෝෂණයක නිරත විය.

මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය සඳහන් කරන්නේ අද උදෑසන 10.30ට මීගස්තැන්න විද්‍යාලය ඉදිරිපිට දී විද්‍යාලයේ ගුරුවරුන් සහ දෙමව්පියන් සමඟ මෙම උද්ඝෝෂණයේ නිරත වු බවයි.

අද දින ලංකා ගුරු සංගමය විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පහරදීම හෙළා දකිමින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙය් දී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව ද මෙම උද්ඝෝෂණය හේතුවෙන් අවලංගු කර තිබේ.